තල්මස් සිරුරු දෙකක් වෙරළට

යෝධ තල්මස් ගණයට අයත් යයි සැලකෙන සත්වයින්ගේ සිරුරු දෙකක් වස්කඩුව (කළුතර) 2016 ඔක්තෝබර් මස 21දින සවස්යාමයේ වෙරළට ගොඩ ගසාගෙන විත් තිබෙනවා.  මේ බව උතුරු කළුතර ප්‍රදේශයේ ධීවර පරීක්ෂක සහ කළුතර ධීවර සහකාර අධ්‍යක්ෂ මගින් වාර්තා කර තිබෙනවා.

බිම්හිටියාව නමින් හදුන්වන මෙම සංසිද්ධිය මෙම වර්ගයේ තල්මසුන් අතර බහුලව වාර්තා වෙනවා. මෙය තනි තනි සත්වයින් හෝ සත්වයින් රංචු ලෙස හෝ ගොඩබැම දක්වා වාර්තා වෙනවා. දරුණු කාලගුණික වෙනස්වීම්, වයසට යාම නිසා, වෙරළට ආසන්නව කෑම සොයා පැමිණීම, නිසා මෙන්ම පැටවුන් බිහිකිරීමදී දුර්වල වීම නිසා වැනි හේතු මත මෙන්ම යාත්‍රා වල ගැටීම වැනි මානව ක්‍රියාකාරිත්වයන්ට සම්බන්ද හේතු නිසාද මෙම තත්වයට පත්වන තමසුන් බොහෝ විට ගොඩබිමට නොපැමිණ මුහුද පත්ලට ඇදෙනවා. නමුත් වෙරළට ගොඩබැසීමද කලාතුරකින් සිදුවෙනවා.

වස්කඩුවට ගොඩබාන ලද එක තල්මසකු නොමේරු  පැටවකු ලෙස සක කල හැකියි. නාරා ආයතනයේ නිලධාරීන් මෙම තල්මසුන් පිලිබඳ තොරතුරු ලබාගත් අතර ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් තල්මසුන්ගේ සිරුරු මිහිදන් කිරීම පසු දිනයේදී සිදුවුනා.

මෙවැනිම සිද්ධියක් පසුගියදිනක අම්බලන්ගොඩ-බලපිටිය වෙරල ආශ්‍රිතවද වාර්තා වුනා.

three_beached_whales_1577

වර්ෂ 1577දි  වාර්තා වූ මෙවන් සිද්ධියක වාර්තාවේ පිටපතක් (වැඩි විස්තර විකිපීඩියා වෙබ් අඩවියෙන් ලබාගත හැක)

 6270-sperm-whale

යෝධ තල්මසුන් රංචුවක්