අපගේ දැක්ම

ධීවර සහ ජලජ සම්පත් තිරසරභාවයෙන් යුක්තව පවත්වා ගනිමින් ධීවර ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම හරහා ජාතික ආර්ථිකයට ප්‍ර‍ශස්ථ දායකත්වයක් ලබාදීම.

අපගේ මෙහෙවර

ධීවර කර්මාන්තයෙහි තිරසාර සංවර්ධනය හරහා ශ්‍රි ලංකා ආර්ථිකයට ඵලදායි දායකත්වයක් ලබාදීමට ජතික හා ජාත්‍යන්තර නීති හා සම්මතින්ට අනුකූලව නව තාක්ෂණික ක්‍ර‍මවේදයන් අනුගමනය කරමින් ධීවර සහ ජලජ සම්පත් කළමනාකරණය කිරීම.

 

ධීවර කර්මාන්තය යනු මෙරට ජාතික දල දේශීය නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබාදිය හැකි, ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය සපුරන සහ ලක්ෂ 20 ක පමණ පිරිසකගේ ජීවනෝපාය සලසන වැඩදායි ක්ෂේත්‍රයකි. විවිධ වකවානුවල විවිධ ක්‍රමවේද ඔස්සේ මෙම කර්මාන්තය සංවර්ධනය කිරීමේ හා කළමනාකරණය කිරීමේ වගකීම පැවරුන ප්‍රධාන ආයතනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවයි. වර්තමානයේ දෙපාර්තමේන්තුවේ අවධානය වැඩි වශයෙන් යොමුවී ඇත්තේ අන්තර් ජාතික සම්මතයන් හා නීති රීති වලට එකඟව වගකීමෙන් යුතු ධීවර කර්මාන්තයක් කරා ධීවර ප්‍රජාව යොමු කිරීම වෙතය. එසේ වුවද ධීවර ජනතාවගේ සමාජ ආර්ථික දියුණුව සඳහා වන ක්‍රියාකාරකම් රාශියක් මෙම වසරේදී ක්‍රියාත්මක වී ඇත. මෙමගින් ධීවර කාර්මිකයාගේ ජීවන තත්ත්වය ඉහල නංවා තත්ත්වයෙන් උසස් මත්ස්‍ය අස්වනු නෙලීම සඳහා ඔවුන්ගේ හැකියාව වර්ධනය කිරීම බලාපොරොත්තු වේ. මෙයට අමතරව ධීවර ඇණිය සහ යෙදවුම් කළමනාකරණය තුලින් නැවත ඇතිවන නමුත් සීමිත සම්පතක් වන ධීවර හා ජලජ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම හා නියාමනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරයක් වී ඇත.

අපගේ සේවාවන්