ධීවර සංස්ථාවේ අළුත් මාළු පිසින ලද නව ආකාරයකින් බෙදාහැරීමේ පළමු වෙළදසැළ කළුබෝවිලදී ධීවර අමාත්‍ය ඩග්ලස්  දේවානන්දා මහතා අතින් විවෘත වේ.


ඹලුවිල් වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ධිවර සමුපාකාර සමිති සමග අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සාකඡ්චාවක් සිදු කල අවස්ථාව

පොසොන් පොහොය නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශයේ පවිත්‍රතා අංශයේ සේවක සේවිකාවන්ට වියළි ආහාර මළු ලබාදීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කරයි

කිලිනෝච්චි කිරන්චි ගම්මානයේ පවතින ධීවර ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා ධීවර අමාත්‍යවරයා සහභාගී වූ අවස්ථාව


ධීවර අමාත්‍යංශයේ සුභ සාධන වෙළද සැලක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් විවෘත කරයි.


සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ උද්ඝෝෂණයට අමාත්‍ය දේවානන්දා සෘජුවම මුහුණ දෙයි.


ජාතික ධීවර මහා සම්මේලනය ගරු සභාපති වත්මන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි පැවැත් විණි


ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා 'නීතියට සමීප' යන තේමාව යටතේ අධිකරණ අමාත්‍යාංශය විසින් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කරන ලද ජංගම සේවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සිටි අවස්ථාව

 


සිංගප්පූරුවේ මානුෂීය සංවිධානයේ නියෝජිත පිරිසක් 2022.01.26 දින ධීවර අමාත්‍යාංශයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමුවී ශ්‍රී ලංකා ධීවර කර්මාන්තයේ දියුණුව සම්බන්ධ ගැටලු සාකච්ඡා කරන ලදි.

  

 


ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, දෙහිවල ප්‍රදේශයේ කිමිදුම්කරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2022.01.20 දින කොළඹ ධීවර අමාත්‍යාංශයේදී කිමිදුම් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් හමුවිය.

  

 


ගරු. අමාත්‍ය සහ ගරු. රාජ්‍ය අමාත්‍යවරයා ධීවර අමාත්‍යාංශයේදී වැඩ භාර ගන්න ලදී.

 

 


ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ප්‍රථම සාමාජිකත්වය ලබා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව එහි සම්මුතීන්ට අනුව කටයුතු කරනු ලැබේ .එහිදී මහ මුහුදේ (high seas) ධීවර රැකියාවේ නියුතු ධීවර යාත්‍රා 5% ක් ආවරණය වන පරිදි යාත්‍රා නිරීක්ෂකයින් යෙදවීම (onboard observer)කල යුතුය .දැනට එම නිරීක්ෂකයින් යෙදවීම මීටර 24 ට වඩා වැඩි දිගින් යුත් යාත්‍රා සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කරන නමුත් ඊට වඩා දිගින් අඩු යාත්‍රා සඳහා සිදු නොකරයි.එලෙස යාත්‍රා සඳහා අමතරව නිරීක්ෂකයෙකු යෙදවීම ප්‍රායෝගිකව හා ආර්ථිකමය ලෙස අපහසු බැවින් ඒ සඳහා විකල්ප ක්‍රමයක් ලෙස ඉලෙක්ට්‍රොනික යාත්‍රා නිරීක්ෂණ ක්‍රම වේදයක් IOTC මගින් ශ්‍රී ලංකාවේ හඳුන්වා දීම සඳහා කටයුතු කර ඇත .ඉලෙක්ට්‍රොනික යාත්‍රා නිරීක්ෂණ ක්‍රමය (EMS ක්‍රමය )හඳුන්වා දීමේ වැඩසටහනක් ලෙස IOTC නියෝජිතයින් සැප්තැම්බර් 24 ,25 දෙදින තුල අදාල නිලදාරීන් සඳහා (ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේතුව ,ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය ,ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය )වැඩමුළුවක් පවත්වන ලදී .

 

 

එසේම 2019/09/26 වන දින සිට එලෙස EMS පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා යාත්‍රා වල යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වැඩසටහනක්ද මීගමුව ධීවර වරායේදී පවත්වන ලදී . දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් (FAO ),යුරෝපා සංගමයත් (EU ) ,ඉන්දියානු සාගර ටූනා කොමිසමත් ශ්‍රී ලංකාවත් එක්ව ආරම්භ කල මෙම ව්‍යාපෘතියට අදාලව යාත්‍රා දෙකක EMS පද්ධති සවි කල අතර තවත් යාත්‍රා හතරක එලෙස සවි කිරීමට නියමිතය .

 


මෙම රැස්වීම යාපනය දිස්ත්‍රික් කලපු රැස්වීම සඳහා වූ කාර්යාලයේදී පැවැත්විණි.

 


2019/09/29 වන දින වාලච්චේන වාරයේදී සිදු කරන ලද හදිසි වැටලීමක් අතරතුර දී මරණ ලද මෝර පැටවුන් තොගයක් අල්ලා ගැනීමට හැකි වූ අතර එහි ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.එමෙන්ම මෙම වරද සඳහා රු:50000 ක දඩයක් උසාවිය විසින් නියම කරන ලදී.

During a raid on Valachchenai on 29/09/2017, a stock of dead sharks were caught during a raid. Here are some photos. The court also imposed a fine of Rs.50000.


Awareness Programme on Scientific Data Collection for the field officers of the Department of Fisheries and Aquatic Resources working in the eastern province

A full day awareness programme was conducted for the field officers working in Trincomalee, Batticaloa, Kalmunai fisheries districts of the Department of Fisheries and Aquatic Resources on 21st August 2019 by Training and Investigation division at the Conference hall of the District Fisheries Office, Batticaloa.

The programme was delivered by Mr.R. S. A. Rathsara Bandraa, Assistant Director(Training), Mr. Rumesh Kumarasinghe, Assistant Director (Information Technology), Miss. Disney Asanka De Alwis, Fisheries Officer (Fisheries Management) of the Department of Fisheries and Aquatic Resources, Mrs. Lasanthi Perera, Statistician, Ministry of Fisheries and Aquatic Resources Development and Mr. Mahendra Jayathilaka, Scientist, National Aquatic Resources and Development Agency(NARA),

All field officers working in the harbours, anchorages and landing sites in the eastern province participated for the programme and it is significant that the officers participated for this training programme will be able to provide good quality fish catch data from the harbours, anchorages and landing sites to data analyzers for the sustainable management of bio mass and their regulation activities.

 

 නැගෙනහිර පළාතේ සේවය කරන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විද්‍යාත්මක දත්ත රැස් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය, මඩකලපුව, කල්මුනායි ධීවර දිස්ත්‍රික්කවල සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා පූර්ණ දින දැනුවත් කිරීමේ වැඩසටහනක්  2019 අගෝස්තු 21 වන දින පුහුණු හා විමර්ශන අංශය විසින් මඩකලපුවේ දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ආර්. එස්.ඒ. රත්සර බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ (පුහුණු), රූමේෂ් කුමාරසිංහ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ), දිස්නි අසංකා ද අල්විස් මෙනවිය ධීවර නිලධාරී (ධීවර කළමනාකරණ), ලසන්ති පෙරේරා මහත්මිය (සංඛ්‍යාලේඛනඥ - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය) සහ මහේන්ද්‍ර ජයතිලක මහතා ( ජාතික ජලජ සම්පත් හා සංවර්ධන ඒජන්සියේ (නාරා) විද්‍යාඥ.) යන නිලධාරින් මඩුල්ලකිනි.

මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූ නිලධාරීන්ට වරාය, නැංගුරම් පොළ සහ ගොඩබෑමේ ස්ථාන වලින් ගුණාත්මක තත්ත්වයේ මසුන් ඇල්ලීමේ ගුණාත්මක දත්ත ලබා ගත හැක්කේ කෙසේද යන්න මඟින් දත්ත විශ්ලේශනය කරන්නන්ට ජෛව ස්කන්ධයේ තිරසාර කළමනාකරණය සඳහා යොදා ගැනීමට හැකි විම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ වන්නේය.


Awareness program was held on 03.09.2010 at the Pensions Department Auditorium for the deployment of officers on large boats operating in the high seas.
In this program, the objective of this program was to create awareness on the use of vessel observers to collect scientific data for all sailing vessels over 24 meters in accordance with the Conventions 11/04 and 18/06 adopted by the IOTC.

මහ මුහුදේ ක්‍රියාත්මක වන විශාල යාත්‍රා මත නිලධාරීන් යෙදවීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 .09 .03 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.මෙහිදී ඉ .සා .ටූ කොමිසම(IOTC) විසින් සම්මත කරන ලද 11/04 සහ 18/06 සම්මුතීන් ට අනුව මීටර් 24 ට වැඩි සියලුම මරුවැල් යාත්‍රා සඳහා විද්‍යාත්මක දත්ත එකතු කිරීම සඳහා යාත්‍රා මත නිරීක්ෂකයින් යෙදවීම පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනේදී සිදු විණි .

 

අපගේ සේවාවන්