කිලිනොච්චි කිරන්චි ගම්මානය ධීවර කර්මාන්තයෙන් නගා සිටුවීමට පියවර ගන්නවා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි

FB IMG 1647578180450උතුරු පළාතේ බොහෝ ගම්මාන මේ වන විටත් ධීවර කර්මාන්තය තුළින් යම් ජීවයක් ලබමින් තිබෙන අතර කිළිනොච්චි කිරන්චි ගම්මානයද ධීවර වගාබිම් සකසමින් ධිවර කර්මාන්තයෙන් ස්වයංපොෂිත වන ගම්මානයක් බවට පත් කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ 2022.03.15දින කිලිනෝච්චි කිරන්චි ගම්මානයේ පවතින ධීවර ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා එක්වෙමිණි. මෙහිදි කිරන්චි ගම්මානයේ වෙසෙන ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් අමාත්‍යරයාට පෙන්වා දෙන ලද්දේ තම ප්‍රදේශයේ ජනතාවගෙන් බොහෝ පිරිසක් ධිවර කර්මාන්තය මූලික කරගෙන තම ජීවිකාව ගෙන යන බවත්, මෑත කාලයක සිට ධීවර කර්මාන්තය තුළින් ලැබෙන ආදායමෙන් තම පවුල්වල ආර්ථිකය ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති අතර එයට යම් සහනයක් ධීවර අමාත්‍යංශය පැත්තෙන් ලබාදෙන ලෙසයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කිරන්චි ගම්මානය මෙන්ම උතුරේ බොහෝ ගම්මාන වල වෙසෙන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නා එකම මාර්ගය ධීවර කර්මාන්තය වන අතර මහා සාගරයේ සිදු කරන ධීවර කර්මාන්තයට අමතරව පොකුණු තුල සිදුකරන මත්ස්‍ය වගාවන් තුළින් ද ඉහළ ආදායමක් ලබාගත හැකි බවයි. ඊට දායක වීමට නිවසේ සිටින ගෘහණියට ද අවස්ථාවක් පවතින බැවින් දැනට උතුරේ බොහෝ ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන පොකුණු තුල මුහුදු කූඩැල්ලන් වගා ක්‍රමය කිරන්චි ගම්මානයටද හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, ඒ මගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට පිටුවහලක් වන බවත්, තමන් මෙම අමාත්‍යංශයට පැමිණි කාලයේ සිට මේ දක්වා උතුරේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට පියවර ගත් අතරම ඉදිරි කාලයේ ද ඒ වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව වැඩිදුරටත් පැවසීය.

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්

AN/CHA/NE/A

අපගේ සේවාවන්