මඩකලපු දිස්ත්‍රික්කයේ ධීවර කටයුතු සංවර්ධනය පිලිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් අතර සාකච්ඡාවක්.

DSC 0603

2022.12.01 වන දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් මහතා(පිල්ලෙයාන්)අතර සාකච්ඡාවක් ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදි දැනට මඩකලපු දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාව පිළිබදව සාකච්ඡා කල අතර සුනාමි කාලයේදි විනාශයට පත් වු ඉස්සන් කර්මාන්තය නැවත සංවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලද අතර, ජලජීවි වගා සංවර්ධන අධිකාරීය විසින් පෞද්ගලික අංශ සම්බන්ධ කරගෙන සිදු කරන ඉස්සන් වගාව ලබන වසරේදි වඩාත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් මේ තුළින් මඩකලපු දිස්ත්‍රික්කයේ ජනතාවට වඩාත් ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරය පිළිබදව ද සාකච්ඡා කෙරිණි. 

මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ජලජීවි වගා සංවර්ධන අධිකාරීයේ සභාපති අචාර්ය ජයන්ත විජේරත්න මහතා , අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය අසෝකා මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රසන්න කහවත්ත මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්

CHA/NE/A


පානදුර වරායේ භූමිතෙල් ඉන්ධනහල ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විවෘත කරයි.

DSC 0476 1

2022.11.27 වන දින පානදුර ධීවර වරායේ පිහිටුවා තිබුණ ඉන්ධනහල සෑහෙන කළක්  අබලන්ව තිබූ අතර එය ප්‍රතිසංස්කරණය කර නැවත ධීවර ජනතාවට භාවිතා කිරීම සදහා විවෘත කිරිම ධීවර අමාත්‍ය   ඩග්ලස් දේවානන්දා මහතා  අතින් සිදුවිය.

මෙහිදී  ප්‍රකාශයක් කළ අමාත්‍යවරයා පානදුර වරායෙන් දියඹට යන ධීවර ප්‍රජාවට මෙතෙක් සිය වෘත්තිය කර ගැනීම සදහා  භූමිතෙල් ලබා ගැනීමට වෙනත් ධීවර වරායන් වෙත යාමට සිදුවූ බැවින් මෙම වරායේ තිබූ ඉන්ධන හල හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරිමට අදාළ නිලධාරීන්ට තමන් උපදෙස් දුන් බවත් ඒ අනුව අද දින මෙය විවෘත කිරීමට හැකි බවත් ඒ අනුව  පානදුර හා මොරටුව ප්‍රදේශවල ධීවරයින්ට මෙම ඉන්ධන හලෙන් සිය අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට හැකි බව ද පැවසීය.

තමන් කිහිපවරක් පැමිණ මෙම ධීවර වරාය නීරීක්ෂණය කළ බවත් මෙහි ඇති අඩුපාඩු එකින් එක සකස් කර දෙන බවටත් මෙහිදි වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරී ජනක ප්‍රසන්න මුදලිගේ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම් .


 

ජාත්‍යන්තර ධිවර දිනය සැමරීම සදහා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවය.

DSC 0788

2022.11.21 වන අද දින ජාත්‍යන්තර ධිවර දිනය සැමරීම සදහා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදී ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට  මෙතෙක් නොතිබුණු දැනට සක්ස් කර ගෙන යන ධීවර ප්‍රඥප්තිය පිළිබද සංකල්ප වාර්තාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දෙන ලදි.

මෙම ප්‍රඥප්තිය තුලින් විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිය වෘත්තිය කටයුතු කිරීමට ඇති අයිතිය තහවුරු කරන අතර ධීවර ජනතාවගේ සුභ සාධනය සදහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල් රාශියක් මෙයට ඇතුලත් වේ. තවද ජාත්‍යන්තර තත්වයට ධීවර කර්මාන්තය උසස් කිරීම සදහාත් අන්තර් ජාතික මට්ටමට ශ්‍රී ලංකාවේ ධීවර වෘත්තිය නගා සිටුවීමද මෙම ප්‍රඥප්තිය මගින් සිදු කෙරේ. මෙම උත්සව ඇමතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ධීවර ක්ෂෙත්‍රය නගා සිටුවීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් පසුගිය කාලයේ කරන ලද සේවාව ඇගයීමකට ලක් කළේය. එසේම කෝවිඩ් සමයේ ධීවර ජනතාව මුහුණ දුන් ගැටළු හමුවේ නොසැලී සිටිමින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධාන ස්ථානයට ධීවර කර්මාන්තය ගෙන ඒමට කටයුතු කල බවද ප්‍රකාශ කළේය. තවද ජාත්‍යන්තර ධීවර දිනය දළ රළ සවිය නැමති මාතෘකාව යටතේ ක්‍රියාත්මක වන අතර ඕනෑම රැල්ලකට මුහුණ දීමට එතුමාට ශක්තිය ඇති බවද අග්‍රාමාත්‍ය වරයා විසින් තවදුරටත් ප්‍රකාශ කළේය. එසේම තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරය දරමින් තමන්ට විශාල ශක්තියක් වු බවත් එමෙන්ම රටේ ජනතාවටද විශාල සේවයක් කල බවද ප්‍රකාශ කල අග්‍රාමාත්‍යවරයා රටේ තේ, පොල්, රබර් මෙන්ම අපනයන ආදායමේ ප්‍රමුඛ ස්ථානයට ධීවර කර්මාන්තය පත් කිරීම සදහා අමාත්‍යතුමාටත්, රාජ්‍ය අමාත්‍යතුමන්ට මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන්ටද අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායිද ප්‍රාර්ථනා කළේය.

තවද මෙම අවස්ථාවේදී මෙම උත්සවය සංවිධානය කල ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කථා කරමින් මෙම ජාතික ධීවර දිනය තුල මේ රටේ ධීවර ජනතාවගේ නිෂ්පාදනයන්ගේ ප්‍රබෝධයක් ඇති කිරීමට සහ නව මග පෙන්වීමක්  ධීවර ජනතාවට ලබා දීමටත්, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම හා එක්ව ධීවරයන්ට නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමටත්, කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් ධිවර විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක කිරීමටත්, ලංකා බැංකුව මගින් දියවර කැකුළු නැමති ළමා ඉතුරුම් ගිණුම් ආරම්භ කිරීමටත් කටයුතු කල බවද ධීවර පවුල් ශක්තිමත් කිරීමට තවදුරටත් අමාත්‍යාංශ මටිටමින් කටයුතු කරන බවද පැවසීය. මෙහිදී ජපන් තානාපති වරයා නියෝජනය කරමින් තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ලේකම්වරයා ජපානය විසින් දීර්ග කාලයක් ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා පවත්ව බවද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා සිටි කාලයේ සිටම සබදතා පැවති අතර ශ්‍රීලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය සදහා ඩොලර් මිලියන 20ක් අධික ප්‍රමාණයක් දැනට ලබා දී ඇති අතර ඉදිරි කාලයේදී තවත් ආධාර ලබා දීමට කටයුතු කරන බවද ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය දිනේ  යැයි ද පැවසීය.

මෙම අවස්ථාව සදහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය දයා පැස්කුවෙල් ඇතුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද, අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, කථතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතාද, ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි සභාපතිවරුන් ඇතුළු නිලධාරීන්ද සහභාගී විය.

.

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්


 

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ගංගාරාම වාසී කිරින්දේ අස්සජි හිමියන් හමුවී ආශිර්වාද ලබා ගනී

DSC 0717 min

ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2022-10-30 දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ එහි වැඩවසන පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර රටේ පවතින වර්ථමාන දේශපාලන හා ආර්ථික තත්වය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

මෙහිදී පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් අමාත්‍යවරයාට අනුශාසනා කරමින් පවසා සිටියේ රට තුල වර්ථමානයේ ඇති වී තිබෙන ආර්ථික පරිහානියට අඩු වැඩි වශයෙන් රට පාලනය කල සියලු දෙනා වගකිව යුතු බවත් ඒ බව තේරුම්ගෙන සියලු දෙනා කටයුතු කල යුතු වකවානුවක් උදාවෙලා තිබියදීත් බොහෝ දේශපාලඥයන් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තවමත් කටයුතු කරමින් සිටින අවස්ථාවක රටේ වගකිවයුතු ප්‍රධාන අමාත්‍යාංශයක වගකීම ඉටු කරමින් රටේ ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම සදහා මෙන්ම විදේශ විනිමය උපයා ගත හැකි අමාත්‍යාංශයක් ලෙස මෙම අමාත්‍යාංශය මෙහෙයවීම පිළිබදව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය අමාත්‍යවරයාට ලබා දෙන බවත් මේ පිළිබදව අමාත්‍යවරයාට දැඩි අවබෝධයක් ඇති බවද පැවසීය.

තවද ධිවර කර්මාන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ වටිනාකම පිළිබද පැහැදිලි කර උන්වහන්සේ ඒ සදහා කොරියන් රටේ සාම්ප්‍රධායික ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චෝන්ග් (chong) මහතාගේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස පැවසූ අතර ඒ මහතා ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වුණු අතර කොරියාවේ තමන්ට සම්බන්ධකම් ඇති බලවත් ව්‍යාපාරිකයින් ගණනාවක් සමග සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් අමාත්‍යවරයා සමග සිදු කිරීමට එකගවිය. ඒ අනුව කොරියානු තාක්ෂණය හා ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීමට පොරොන්දු විය.

 මෙහිදී අමාත්‍යවරයා කිරින්දේ අස්සජි හිමිට පොරොන්දු වුයේ රටේ පාලනය මෙහෙයවීමේදී මහා සංඝරත්නය ලබා දෙන ආශිර්වාද ඉතා වටිනා බවත් ඉදිරියේදී ස්වාමීන් වහන්සේ හදුන්වාදුන් කොරියානු ජාතික ව්‍යාපාරිකයා සමග සම්බන්ධ වී ධීවර කර්මාන්තයට නව තාක්ෂණය හදුන්වාදීමට පියවර ගන්නා බවද පැවසීය.

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්


 

විදේශීය ආයෝජකයන් සම්බන්ධ කරගනිමින් රට පුරා කඩොලාන සංවේදී කලාප ඇති කරනවා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

WhatsApp Image 2022 10 28 at 13.39.37

ශ්‍රී ලංකාව පුරා කලපු හා  ගං මෝය ආශ්‍රිතව ඉතා සංවේදී පරිසර කලාපයක් ලෙස සැලකෙන කඩොලාන පරිසර පද්ධතිය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සීඝ්‍රයෙන් විනාශයට පත්වන අතර ඒ තුළින් සාගරයේ මත්ස්‍ය සම්පත වර්ධනය වීමට ද  දැඩි බලපෑමක් එල්ල කරන බව පරිසරවේදීන්ගේ හා සාගර සම්පත් පිළිබඳ පර්යේෂණ සිදු කරන විශේෂඥයින්ගේ මතයයි.මේ පිළිබඳව අවධානය යොමුකළ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2022.10.27 දින විදේශ ආයෝජකයන් පිරිසක් සමග ධීවර අමාත්‍යංශයේ පැවති කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව පැවසීය.

මෙහිදී ආයෝජකයින් ප්‍රකාශකර සිටියේ රටපුරා කලපු හා ගංමෝය ආශ්‍රිතව අක්කර 40 ක පමන ප්‍රමාණයක කඩොලාන වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට අපේක්ෂා කරන බවත්, ඒ මගින් මත්ස්‍යයන්ගේ අභිජනන නිජබිම් වර්ධනය කිරීමත්, ගංමෝය කලපු ඛාදනය වලක්වා ගත හැකි බවත් ඒ මගින් පරිසර පද්ධතිය වර්ධනය කිරීමට හැකි බවත් මෙම ව්‍යාපෘතිය සඳහා ඍජු රැකියා අවස්ථා හාරසියයක් (400) නිර්මාණය වන බව ද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා රට වටා තිබෙන කඩොලාන කලපු පද්ධතිය සාගරයට ඉතා සංවේදී පරිසර කලාපය වන අතර එය ධීවරයන්ගේ ක්‍රියා කලාපයන් තුළ දිනෙන් දින විනාශ වන බවත් ඒ මගින් සාගර කලාපයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ප්‍රකාශ කළේය. එබැවින් මේ කෙරෙහි අවධානය යොමු කිරීම කෙරෙහි ඔබ කණ්ඩායමට ස්තූතිය පළකරන බවත්, එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්


 

නීති රීති කරපින්නාගෙන ඉවසන් ඉන්න බෑ. නීතියට පටහැනි මුහුදු කූඩැල්ලන් වගා පොලවල් වහාම ඉවත් කරන්න. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

News

නීති රීති විධිවිධාන වලට අනුව මුහුදු කූඩැල්ලන් වගා පොලවල් ඉදිකළ යුතු බවත්, එයට පටහැනිව ඉදිකරන ලද මහුදු කූඩැල්ලන් වගා පොලවල් වහාම ඉවත්කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසන ලදි.

යාපනය දිස්ත්‍රික්කයේ ධීවර සංගම් හා මුහුදු කූඩැල්ලන් වගා පොළවල් හිමිකරුවන් ඇතුලු නියෝජිතයින් පිරිසක් සමග 2022.09.28 දින පැවති සාකච්ඡාවකදි  ධීවර අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, නීති විරෝධි ධීවර කටයුතු මැඩලීමට පියවරගැනීම සම්බන්ධව අදහස් දැක්වු අතර ඇබිලි දැල් ක්‍රමය මැඩලීමට ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව හා ධීවර සංගම් ඒකාබද්ධව පොලිස් නිලධාරීන්ගේ ද සහය ලබාගෙන ක්‍රියා කිරීමට අදාල නිලධාරීන් සමග තමන් සාකච්ඡාකල බව  පැවසීය.

මේ අතර වලිකාමන් උතුරු අධි ආරක්ෂිත කලාපයේ තිබෙන ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වහවිලාන් මානම්ප්‍රායි කෝවිලේ පරිපාලන නිලධාරීන් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවි සාකච්ඡා කරන ලදි. මෙම කෝවිල අවට අක්කර 600ක් පමණ භූමි ප්‍රමාණයක් කිසිදු හේතුවක් නොමැතිව අධි ආරක්ෂිත කලාපයේ තිබෙන බවත්, මෙම ඉඩම් නිදහස් කළොත් කලාපයේ පවුල් 400කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමට හැකියාවක් පවතින බවත් නිලධාරීන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. 

 

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්

AN/CHA/NE/A


ඹලුවිල් වරාය සංවර්ධන කටයුතු  සම්බන්ධයෙන් ධිවර සමුපාකාර සමිති සමග අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  සාකඡ්චාවක් 

DSC 0225

ඹලුවිල් ධිවර වරාය ධිවර අමාත්‍යංශය යටතට  පත් කිරිමක් සමග එහි සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන ආකාරය පිළිබද 2022-07-06 දින සිමාසහිත අම්පාර දිස්ත්‍රික් ගැඔුරු මුහුදු යාන්තික බෝට්ටු හිමියන්ගේ ධිවර සමුපාකාර සමිතියේ නියොජිත පිරිසක් සමග ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ අමාත්‍යංශ ලේකම් තුමිය ඇතුලු ධිවර වරාය සංස්ථාවේ නිළධාරින් පිරිසක් සමග සාකඡ්චාවක්අ මාත්‍යංශයෙදි පැවැත්විණි.

මෙහිදි ධිවර වරායේ පවතින ඉන්ධනහල් දෙක සම්බන්ධ පරිපාලනය  සහ වරායේ ගොඩගැසෙන වැලි ඉවත් කිරිමයනදි  සංවර්ධන කටයුතු පිළිබද ධිවර සමුපකාර සමිතියේ අදහස් ඇතුලත් ව්‍යපෘති වාර්තාවක් ධිවර සමුපාකාර සමිතියේ  නියෝජිත හාජ්යාර් එම්.එස්.ඒ.අහමඩ් මහාතා අතින් අමාත්‍යවරයාට භාරදෙනලදි ධිවර

          ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට සහ ලංකා ධිවර සංස්ථාවේ සභාපති නිලංක ජයවර්ධන මහතා ඇතුලු නිළධාරින්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ ඔලුවිල් වරාය පවත්වාගෙනයාමේදි ධිවර සමුපාකාර  සමිතියේ අදහස් ලබාගෙන මෙම ධිවර වරාය භාවිතා කරන ධිවරයන්ට පහසුකම් සැලසෙන ආකාරයට එහි කටයුතු ක්‍රියාත්මක කරන ලෙසයි.

  

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්.


Capture

Australian Minister for Home Affairs and Cyber Security, Clare O’Neil arrived in Sri Lanka on an official visit.

Australian Minister for Home Affairs and Cyber Security, Clare O’Neil who met President Gotabaya Rajapaksa, Prime Minister Ranil Wickremesinghe and Foreign Affairs Minister, Prof. G. L. Peiris.

“This shows our strong and enduring bilateral relations as we celebrate our 75th anniversary of diplomatic relations,” the High Commission said.

Minister O’Neil discussed how Australia can deepen cooperation and assist Sri Lanka to face the economic times, as well as strengthening engagement on transnational crime, including people smuggling.


ධීවර අමාත්‍යාංශය මගින් පොසොන් පෝය නිමිති කොට ගෙන අමාත්‍යාංශයේ පවිත්‍රතා අංශයේ සේවක සේවිකාවන්ට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දේ.

WhatsApp Image 2022 06 16 at 1.55.56 PM

ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් හා ධීවර දෙපාර්තමේන්තුවේ හා ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් අමාත්‍යාංශයේ පවිත්‍රතා අංශයේ සේවක සේවිකාවන්ට වියලි ආහාර මළලු බෙදා දීම අද දින (2022.06.16)අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදි.

මෙම වියලි ආහාර මල්ලක වටිනාකම රුපියල් 7500කට අධික වන අතර එයට හාල්, පොල්, සැමන්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් අඩංගු වු අතර ධීවර සංස්ථාව මගින් ලබා දෙන රුපියල් 1350ක් වටිනා මත්ස්‍ය බජට් පැක් එකක්ද ඇතුලත් විය.

 මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ජේෂ්ඨ සහකාර ලේකම් බී.ඒ.දමයන්ති, ධිවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ චතුරංග උඩවත්ත, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එකව සිටින ලදි.

  

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්.


ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වැඩ භාරගනී.

WhatsApp Image 2022 05 23 at 1.31.42 PM 1 1

 2022.05.23 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෙ.ව. 10.30පමණ වන විට ධීවර අමාත්‍යාංශයේදී සිය අමාත්‍යධුරයේ රාජකාරි කටයුතු අරම්භ කරන ලදි.

මෙම අවස්ථාවට එක් වු අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත  මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පසුගිය කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති කඩිනමින් නිමකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි.

 

 මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළ නිළධාරීන් පිරිසක් සහභාගී විය.

 නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍ය,

මාධ්‍ය ලේකම්

DD/Ne/dil


 යාපනයේදී මියගිය ධීවරයා වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි ලබා දෙයි.

News 18

ඩෙල්ෆ් මුහදු තීරයේ ධීවර රැකියාවේ නිරතව සිටියදි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජීවිතක්ෂයටපත් මරියවේගනායගම් අමලමේයන් වන ධීවර කාර්මිකයා වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ උපදෙස්මත යාපනය ධීවර දෙපාර්තමෙන්තු කාර්යාලයේදි 2022.04.28 දින සිදුවිය.

ධීවර අමාත්‍යංශය මගින් ස්වාභාවික ආපදාවකදි වන්දි ගෙවීම සදහා හදුන්වා දී ඇති රක්ෂණ යෝජනා ක්‍රමය හරහා අදාළ වන්දි මුදල ගෙවීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, ඒ අනුව මියගිය ධීවරයාගේ පියාට අදාළ චෙක්පත ලබාදීම  යාපනය ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක එස්.සුදාකරන් මහතා අතින් සිදු විය.   

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්

AN/CHA/NE/A


 මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන කිරීමේ ආයෝජන බිහි කිරීමට පියවර ගන්නවා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  මහතා පවසයි.

meeting

 රටතුළ මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම සදහා උනන්දුවන ආයෝජකයන් සම්බන්ධ කර ගනිමින් පොකුණු තුළ හා කූඩු තුළ මිරිදිය මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමේ ආයෝජන වඩ වඩාත් බිහි කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබද ප්‍රංශයේ හා මාලදිවයින යන ප්‍රධාන රටවල නියෝජිත මංඩලයක් සමග 2022.04.22 දින අමාත්‍යංශයේ පැවති හමුවකදීය.

ශ්‍රී ලංකාවේ ජනතාව තුළ මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට දැනටමත් පියවරයන් රැසක් ගෙන ඇති බවත්, ලෝක වෙළදපොලේ පවතින ඉන්ධන මිළ ඉහලයාම තුළින් අනාගතයේදි අඩු වියදමින් මත්ස්‍ය සම්පත නෙලා ගැනීම සදහා පොකුණු තුළ හා කූඩු තුළ මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම තම අපේක්ෂාව බවත්, ඒ සදහා මධ්‍ය පරිමාණ ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමටද පියවර ගනිමින් සිටින බව  නියෝජිතයින් හමුවේ පැවසු අමාත්‍යවරයා ඉදිරියේදි සී නොර් ආයතනය සම්බන්ධ කර ගනිමින් ධීවර ප්‍රජාවට අවශ්‍ය බෝට්ටු ඇතුලු ධීවර ආම්පන්න නිෂ්පාදනය කිරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා ඩැඩිදුරටත් පැවසීය.

තවද  මහ මුහුදේදි ධීවරයන් නෙලාගන්නා මත්ස්‍ය සම්පත විනාශ නොවි ගොඩබිමට ගෙන ඒමට අවශ්‍ය තාක්ෂණය ලබාදීමටද පියවර ගන්නා අතරම නෝර්වේ රජයේ ධීවර කර්මාන්තය දියුණු කළා සේම මෙරට ධීවර කර්මාන්තයද දියුණු කිරීමට  පියවර ගනිමින් සිටින අතර ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා නියෝජිත පිරිසට අවධාරණය කරන ලදි.

   

නෙල්සන් එදිරිසිංහ

ගරු අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්

AN/CHA/NE/A

 

 

எமது சேவைகள்