අභ්‍යන්තර කටයුතු ඒකකය

විද්‍යුත් තැපැල් ලිපිනය: internalaffairs@fisheriesdept.gov.lk

දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටි ස්තානය: ප්‍රධාන කාර්යාලයේ පස් වන මහල

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය

අභ්‍යන්තර කටයුතු ඒකකයේ තනතුර නම තනතුර
ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී
දර්ශන විජේසිරිවර්ධන මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
කමිටු සාමාජික
අයේෂා උදයන්ති පතිරණ මිය
අධ්‍යක්ෂ, පාලන
කමිටු සාමාජික
කේ.ඒ.සී.පී. කොඩිතුවක්කු මිය
සහකාර අධ්‍යක්ෂ, ධීවර සංවර්ධන අංශය
කමිටු සාමාජික
ඩී.බී. අබේරත්න මයා
අධ්‍යක්ෂ, කළමනාකරණ
කමිටු සාමාජික
ඩබ්.ටී.එන්.පී. ජයසිංහ මිය
ගණකාධිකාරී, සැපයුම්
සුපිළිපන්න නිලධාරී
එච්.පී.එස්. බුද්ධිනී මිය
සහකාර අධ්‍යක්ෂ, පරිපාලන
කමිටු සාමාජික
ආර්.ඒ.එච්.පී.එන්. රණමුක මයා
කළමනාකරණ සේවා නිලධාරී
කමිටු සාමාජික
ඩබ්.ඒ.ආර්.එන්. පෙරේරා මයා
නීති සහකාර
කමිටු සාමාජික
ඩබ්.එස්. මධුහංසි මිය
සංවර්ධන නිලධාරී

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු

  1. ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ අඛණ්ඩතාවයේ සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2. ආයතනයේ සියලු ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික භාවිතයන් සහ තීරණ පිළිබඳ තොරතුරු සඳහා මහජනතාවට ප්‍රවේශය සහතික කිරීම.
  3. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  4. විෂමාචාර වාර්තා කිරීම දිරිමත් කිරීම, අයථා ක්‍රියා දැනුම් දෙන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි පද්ධතියක් සංවර්ධනය කිරීම.
  5. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIAВОС) සමඟ සහයෝගයෙන් නීතිමය බලාත්මක කිරීමට සහාය වීම.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ වගකීම් සහ කාර්යයන්

  1. ආයතනය තුළ ඇති පද්ධතිමය බාධක හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියා පටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කර මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඒවා සරල කරන්න.
  2. ආයතනයේ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම් වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම සඳහා දූෂණ අවදානම් තක්සේරු කිරීම් (CRA) පැවැත්වීම.
  3. ආයතනයේ අවශ්‍යතාවලට ගැලපෙන නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපාය මාර්ග ගෙනහැර දක්වන ආයතනික අඛණ්ඩතා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන්න.
  4. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වා ජාතික දූෂණ විරෝධී ඉලක්ක සමඟ පූර්ණ අනුකූලතාවයක් සහතික කිරීම.
  5. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළුව ජාතික සහ ජාත්‍යන්තර දූෂණ විරෝධී නීතිවලට ආයතනයේ අනුකූලතාවය තක්සේරු කිරීමට සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට නිතිපතා අනුකූලතා සමාලෝචන පවත්වන්න.
  6. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ CIABOC රෙගුලාසි සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව උනන්දුව පිළිබඳ ගැටුම් කළමනාකරණය කිරීම.
  7. ආයතනය තුළ සිදුවන දූෂණ හා සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි ලබා ගැනීමට සහ කළමනාකරණය කිරීමට ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම; එවැනි සියලු පැමිණිලි අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් විසඳන බව සහතික කිරීම; සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් සම්බන්ධ පාර්ශවයන්ට නිතිපතා ප්‍රතිපෝෂණ ලබා දීම. අවශ්‍ය නම්, දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් කොමිසමට යොමු කිරීම.
  8. ආයතනය විසින් සපයනු ලබන සේවාවන් ගෙනහැර දක්වන පුරවැසි ප්‍රඥප්තියක් සකස් කර ප්‍රකාශයට පත් කරන්න.
  9. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත හැසිරීම් සංග්‍රහයක් ඇතුළුව සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කර බලාත්මක කරන්න.
  10. දූෂණ විරෝධී මූලධර්මවලට කැපවීමට සේවකයින් පෙළඹවීම සඳහා පුහුණුව සහ දැනුවත්භාවය ඇති කිරීම ඇතුළු පියවර ක්‍රියාත්මක කරන්න.
  11. CIAVOS සහ ජාතික දූෂණ විරෝධී රාමුව මගින් මෙහෙයවනු ලබන පරිදි, ආයතනය අඛණ්ඩතා තක්සේරු ක්‍රියාවලීන්ට සහභාගී වන බව සහ ඒවාට අනුකූල වන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී අඛණ්ඩතා තක්සේරුව සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.
  12. ඒකකයේ රාජකාරි ඉටු කිරීමේදී අඛණ්ඩ මග පෙන්වීම සහ සහාය ලබා ගැනීම සඳහා CIABOC සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
  13. අභ්‍යන්තර කටයුතු ඒකකයේ ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශ කරමින් වරින් වර සහ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන්න.
  14. අඛණ්ඩතා සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ කොටස්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

ජනාධිපති ලේකම්ගේ අංක PS/SB/Circular/2/2025 සහ 2025.02.08 දිනැති චක්‍රලේඛයේ විධිවිධාන යටතේ මෙම අභ්‍යන්තර චක්‍රලේඛය නිකුත් කරනු ලැබේ.

රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම

1. අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකව තුළ නිර්මාණය කිරීමේ වැදගත්කම කෙරෙහි රජයේ ප්‍රමුඛතම අවධානය යොමුව ඇත. රාජ්‍ය අංශය තුළ ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හඳුන්වා දීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වගන්තිය යටතේ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) ඇතුළු අනෙකුත් දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇති බැඳීම් වලට අනුකූල වන අතරම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) සහ රජයේ අනෙකුත් ප්‍රතිපත්ති අරමුණු සමඟ අනුගත වේ. අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ දූෂණය මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුලපිරීමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිද භාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, රාජ්‍ය සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායී ලෙස සැපයීම සඳහා සියලුම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit-IAU) පිහිටුවීමට තීරණය කර ඇත.

එකී රාජ්‍ය අවශ්‍යතාවය අනුව 2025.02.23 දින සිට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවා ඇත.

2. අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු

මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ:

i. ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
ii. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
iii. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
iv. විෂමාචාර වාර්තා කිරීම දිරි ගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
v. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.

3. අභ්‍යන්තර කටයුතු ඒකකයේ ව්‍යූහය සහ කාර්ය මණ්ඩලය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය 2025 සහ 2026 වසර සඳහා පහත නිලධාරීන්ගෙන් සමන්විත වේ.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ තනතුර නම තනතුර
ඒකක ප්‍රධානී
දර්ශන විජේසිරිවර්ධන මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
කමිටු සාමාජික
අයේෂා උදයන්ති පතිරණ මිය
අධ්‍යක්ෂ, පාලන
කමිටු සාමාජික
එම්.මාකස් මයා
අධ්‍යක්ෂ, සංවර්ධන අංශය
කමිටු සාමාජික
ඩී.බී. අබේරත්න මයා
අධ්‍යක්ෂ, කළමනාකරණ
කමිටු සාමාජික
ඩබ්.ටී.එන්.පී. ජයසිංහ මිය
ගණකාධිකාරී, සැපයුම්
සුපිළිපන්න නිලධාරී
එච්.පී.එස්. බුද්ධිනී මිය
සහකාර අධ්‍යක්ෂ, පරිපාලන
කමිටු සාමාජික
ආර්.ඒ.එච්.පී.එන්. රණමුක මයා
කළමනාකරණ සේවා නිලධාරී
කමිටු සාමාජික
ඩබ්.ඒ.ආර්.එන්. පෙරේරා මයා
නීති සහකාර
කමිටු සාමාජික
ඩබ්.එස්. මධුහංසි මිය
සංවර්ධන නිලධාරී

4. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්

i. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියා පටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.

ii. දුෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assessment) සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.

iii. ආයතනයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිෂ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

iv. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.

v. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දුෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකුලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හදුනාගැනීම.

vi. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
vii. ආයතනය තුළ දුෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශ්වකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දුෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.

viii. ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.

ix. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව. සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.

x. දුෂණ විරෝධී මූලධර්මවලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.

xi. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලින් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දුෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම (National Anti-Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.

xii. ඒකකයේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.

xiii. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.

xiv. පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

5. අභ්‍යන්තර කටයුතු ඒකකය මඟින් ඉටුකිරීමට අපේක්ෂිත කටයුතු

2025 සහ 2026 වසර සඳහා පත් කරන ලද ඉහත කමිටු සාමාජිකයන්ගෙන් සමන්විත අභ්‍යන්තර කටයුතු ඒකකය මඟින් පහත ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

i. අභ්‍යන්තර කටයුතුවල කාර්යභාරය පිළිබඳ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කිරීම.
ii. සුපිළිපන්න ආයතනික සංස්කෘතියක් ඇති කිරීම සඳහා සුපිළිපන්නභාවය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දනුවත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
iii. දෙපාර්තමේන්තුවේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධයෙන් සුදුසු පරිදි පරිපාලනමය ගැටළු විසදීමට යොමු කිරීම හෝ අවශ්‍ය පරිදි ඉදිරි කටයුතු කිරීම.
iv.වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත පරිදි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීම.
v. ආයතනයේ දූෂණ අවධානම් හඳුනා ගැනීමට හා එම අවධානම් මඟ හරවා ගැනීම සඳහා සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම.
vi. ආයතනික සුපිළිපන්නභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පරිදි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

6. අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පැමිණිලි යෝජනා ඉදිරිපත් කිරීම.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය ප්‍රධාන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ 5වන මහළේ පිහිටා ඇත. මෙම ඒකකය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පැමිණිලි / යෝජනා එම ස්ථානය වෙත ලබාදීමට හැකියාව පවතී.

තව ද එම ඒකකයෙහි පැමිණිලි ලිපි මඟින, පහත දැක්වෙන විද්‍යුත් ලිපිනය වෙත විද්‍යුත් පණිවිඩ හරහා හෝ පැමිණිලි පෙට්ටිය හරහා ඔබගේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

විද්‍යුත් ලිපිනය – internalaffairs@fisheriesdept.gov.lk